සමෘද්ධි වැඩසටහනට අදාල සේවාවන්

 

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක වන ආයතනික ව්‍යුහය

  1. සමෘද්ධි මුලස්ථාන අංශය
  2. සමෘද්ධි මහ සංගමය
  3. සමෘද්ධි බැංකු සංගමය

එම ආයතන වලින් සිදුවන සේවා

01. සමෘද්ධි මූලස්ථාන අංශය

  1. සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සියළුම ආයතනික කටයුතු කිරීම
  2. සමෘද්ධි සමාජ ආරක්ෂණ වන්දි මුදල් ලබා දීමට කටයුතු කිරීම
  3. සමෘද්ධි අනිවාර්ය ඉත්රිකිරීම් මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම
  4. ප්‍රජා ව්‍යාපෘති ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කිරීම
  5. සමෘද්ධි සහනාධාර හා සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ආධාර වැනි ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

02. සමෘද්ධි මහා සංගමය

  1. සමෘද්ධි බැංකු සංගම් වල කටයුතු සම්බන්ධීකරණය කිරීම
  2. සමෘද්ධී බැංකු සංගම් වල මුදල් ආයේජනය කිරීමට කටයුතු කිරීම
  3. සමෘද්ධි බැංකු සංගම් සාමාජිකත්වයේ ණය හා සමූහ සංරක්ෂණ වන්දි මුදල් ලබා දීමට කටයුතු කිරීම
  4. සියළුම සමෘද්ධි සමිති ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම
  5. ප්‍රජා සංවිධාන ජාලය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම
  6. දිරිය පියස හා සමාජ සංවර්ධන පදනමේ ආධාර මත නිවාස ඉදිකිරීමට කටයුතු කිරිම
  7. විවිධ සමාජ සංවර්ධන හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  8. භාණෟඩාගාර ප්‍රතිපාදන හා චක්‍රිය අරමුදල් භාවිතා කරමින් ජීවනෝපාය ව්‍යාපෘති ලාභින් බඳුනාගෙන ඔවුන්ට එම ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කිරීම හා ඹවුන් ව්‍යාපෘති ගැන්වීම

03. සමෘද්ධි බැංකු සංගම්

  1. සමෘද්ධි පුතිලාභ ලබන බොහෝ පිරිසක් කුඩ ාකණ්ඩායම් ක්‍රමය හරහා බැංකු වැඩසටහනට සම්බන්ධ කරගැනීම
  2. එම පිරිස් සඳහා ණය ලබා දීමට කටයුතු කිරිම
  3. රජය ක්‍රියාත්මක කරන විවිවධ වැඩසටහන් සඳහා එම ප්‍රතිලාභීන් හඳුන්වා ගැනීමට කටයුතු කිරීම
  4. අඩු ආදායම් ලාභීන් ඔවුන්ගේ ඉතිරිකිරීම් වලට හුරු කරවීම හා ඔවුන් සමාජ , ආර්ථික හා සංස්කෘතිකමය වශයෙන් නගා සිටුවීමට  කටයුතු  කිරීම

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top