කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන

සිප්සවිය පදනම මගින් "කියවමු විදිමු - ජීවිතය ජයගමු" තේමාව කර ගනිමින් සංවිධානය කල කොට්ඨාසයේ අඩු පුස්තකාල පහසුකම් සහිත පාසලකට පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මදුල්ල මහා විද්‍යාලයේදී ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා කුලියාපිටිය බටහිර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදි සහකාර ප්‍රාදේශීය ලේකම් ධරණි උපේකා වීරසේකර මහත්මිය විසින් රචිත යෞවන සම්මාන තෙවන ස්ථානය දිනාගත් “බර්මියුඩාවෙන් විශ්වයට” යොවුන් විද්‍යා ප්‍රබන්ධයේ සහ ගොඩගේ සම්මාන සඳහා නිර්දේශ වූ “Fears and Tears” ඉංග්‍රීසි නවකතාවේ පිටපත් සහ ග්‍රාම නිලධාරි ගයාන් මාරසිංහ මහතා විසින් රචිත පඬුවස්නුවර චක්‍රාවාලය නොහොත් එක්ටැම්ගෙය හා ඒ ආශ්‍රිත නටඹුන්, පඬුවස්නුවර විහාර ආරාම සංකීර්ණ, පඬුවස්නුවර රජමාළිගය හා පඬුවස්නුවර ගමක වතගොත යන ග්‍රන්ථ පාසල වෙත පරිත්‍යාග කිරීම, සියලුම දරුවන් වෙනුවෙන් පොත් සලකුණක් ප්‍රධානය කිරීම සහ පාසල් ගෙවත්ත සදහා පලතුරු පැල ලබා දීම සිදු කරන ලදී.

පාසැල් සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කල නැටුම් ගැයුම් අංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය.

WhatsApp Image 2025 01 23 at 08.45.10WhatsApp Image 2025 01 23 at 08.45.12123WhatsApp Image 2025 01 23 at 08.44.33WhatsApp Image 2025 01 23 at 08.44.42

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top