ප්‍රසම්පාදනය

මෙම කාර්යාලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් හා ප්‍රමාදයන් අවම කිරීම සඳහාත්, ජනතාව සඳහා මූළ්‍යමය වශයෙන් වඩාත්ම වාසිදායක ගුණාත්මක භාවයෙන් ඉහල වැඩ හා සේවා සැපයීම සඳහා ක්‍රියාත්මක වේ

ප්‍රසම්පාදන මණ්ඩලය පත් කරනු ලබනනේ දිස්ත්‍රික් ලේකම් වරයා විසිනි. ප්‍රසම්පාදන මණඩලයේ සංයුතිය තිදෙනෙකි.ප්‍රාදේශීය ලේකම් වරයා නිළ බලයෙන්ම සභාපති වන අතර ගණකාධිකාරිවරයා නිල බලයෙන් සාමාජිකයෙකි. සෙසු සාමාජිකයා වනුයේ සහකාර ප්‍රාදේශීය ලේකම් වරයා වේ.

මෙම කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සීමාවන් වන්නේ ,

  1. ඉදිකිරීම් සම්බන්ධව ලක්ෂ 10 (1,000,000/-) දක්වාද
  2. සැපයීම් සම්බන්ධව ලක්ෂ 5 (500,000/- ) දක්වාද වේ

ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් තාක්ෂණික උපදෙස් ලබා ගැනීම අවශ්‍ය බවට ප්‍රසම්පාදන මණ්ඩලය තීරණය කලහොත් ඒ සම්බන්ධයෙන් අදාල ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ලවා තාක්ෂණීක ඇගයීමක් කරවාගෙන ඉන්පසු ප්‍රසම්පාදන තීරණ ගනු ලැබේ

භාණ්ඩ,කාර්යයන් සහ සේවාවන් සඳහා ප්‍රසම්පාදනය
[PDF - 0.0 KB]

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top