ගර්භනී/කිරිදෙන මව්වරුන් සඳහා රු 2500 ක අතිරේක ආහාර සහනාධාර මුදලක් ලබාදීමේ වැඩසටහන

ගර්භනී/කිරිදෙන මව්වරුන් සඳහා රු 2500 ක අතිරේක ආහාර සහනාධාර මුදලක් ලබාදීමේ වැඩසටහන ගර්භනී තත්ත්වය මාස 03 ක් සම්පූර්ණ වූ ගර්භනී මවුවරුන්ට හා ළදරුවාට මාස 04 ක් දක්වා වූ කිරිදෙන මවුවරුන් සඳහා දැනට ලබාදෙන පෝෂණ  දීමනාවට අමතරව සැප්තැම්බර්,ඔක්තෝම්බර්,නොවැම්බර්,දෙසැම්බර් යන මාස 04 සඳහා පමණක් රු ‪2500.00‬ක අමතර පෝෂණ දීමනාවක් ලබාදීමට  කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.මෙම දීමනාව සමෘද්ධි බැංකු හරහා සිදුකරනු ලබන අතර,තමාට හෝ තම ස්වාමි පුරුෂයා නමින් සමෘද්ධි බැංකු ගිණුමක් නොමැති මව්වරුන් ප්‍රතිලාභී මව පදිංචි ග්‍රාම නිලධාරි වසමට අයත් වන  සමෘද්ධි බැංකුව වෙතින්   නව ගිණුමක්  විවෘත කළ යුතුයි.තම වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරී මඟින්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවුල් සෞඛ්‍ය නිලධාරිනී මඟින් අදාල අයදුම්පත්‍රය ලබාගෙන සම්පූර්ණ කර  පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය  වෙත බාරදෙන්න. අයදුම්පත බාගත කිරීමට මෙහි click කරන්න

මහකන්නයේ කුඹුරු සකස් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම - 2022

2022/23 මහ කන්නයේ වී වගාව සඳහා බිම් සකස් කිරීමට අවශ්‍ය ඩීසල් (අක්කරයකට ලීටර් 20 බැගින්) මූණමල්දෙණිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොවි සංවිධාන  වෙත කඹුරාපොල ඉන්ධන පිරවුම්හල මඟින් හා  පඩුවස්නුවර  ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොවි සංවිධාන  වෙත පඩුවස්නුවර සමූපකාර  ඉන්ධන පිරවුම්හල මඟින් ද ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.2022/23 මහ කන්නයේ වී වගාව සඳහා බිම් සකස් කිරීමට අවශ්‍ය ඩීසල් (අක්කරයකට ලීටර් 20 බැගින්) මූණමල්දෙණිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොවි සංවිධාන  වෙත කඹුරාපොල ඉන්ධන පිරවුම්හල මඟින් හා  පඩුවස්නුවර  ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොවි සංවිධාන  වෙත පඩුවස්නුවර සමූපකාර  ඉන්ධන පිරවුම්හල මඟින් ද ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

 කුඹුරු සකස් කිරීම සඳහා ඔබ ගොවි සංවිධානයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ප්‍රාදේශිය ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ලබාදෙන්න.
 


ඉන්ධන අවසර පත්‍ර නිකුත් කිරීම සදහා තොරතුරු ලබාගැනීම

මහජන දැනුම්දීම්

සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් 2022 ලැබීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් හඳුනා ගැනීම - අයදුම්පත බාගත කිරීමට මෙතැන ක්ලික් කරන්න.

 

ජාතික ඉන්ධන අවසර පත්‍රය - නොමිලේ උපකාරක සේවාව

ඔබත් ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට නොහැකිවූ අයෙක්ද? එසේනම් නොමිලේ සේවා සහාය ලබාදීමට අප සූදානම්. කාර්යාල දිනයන්හී දි පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා මෙම සේවාව අප කාර්යාලයෙන් ලබාගත හැකිය.

පුවත් සහ සිදුවීම්

16
පෙබ2026

Panduwasnuwara Wasantha Udanaya 2025

Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to...

16
පෙබ2026
කියවමු විදිමු - ජීවිතය ජයගමු

කියවමු විදිමු - ජීවිතය ජයගමු

කොට්ඨාශයේ සීමිත පුස්තකාල පහසුකම් ඇති පාසලක් සඳහා...

Scroll To Top