Panduwasnuwara Wasantha Udanaya 2025 brought spring to Hettipola
The “Panduwasnuwara Wasantha Udanaya 2025”, organized by the Panduwasnuwara Western Divisional Secretariat, government institutions and the Panduwasnuwara trade and business community, concluded on the 19th of the month of April at the Hettipola Public Stadium with the largest public participation ever for an Avurudu festival, giving priority to local cultural events and folk games.
We present herewith some beautiful scenes captured on camera and express our respectful gratitude to all those who supported the Avurudu festival in various ways.
සිප්සවිය පදනම මගින් "කියවමු විදිමු - ජීවිතය ජයගමු" තේමාව කර ගනිමින් සංවිධානය කල කොට්ඨාසයේ අඩු පුස්තකාල පහසුකම් සහිත පාසලකට පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මදුල්ල මහා විද්‍යාලයේදී ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා කුලියාපිටිය බටහිර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එහිදි සහකාර ප්‍රාදේශීය ලේකම් ධරණි උපේකා වීරසේකර මහත්මිය විසින් රචිත යෞවන සම්මාන තෙවන ස්ථානය දිනාගත් “බර්මියුඩාවෙන් විශ්වයට” යොවුන් විද්‍යා ප්‍රබන්ධයේ සහ ගොඩගේ සම්මාන සඳහා නිර්දේශ වූ “Fears and Tears” ඉංග්‍රීසි නවකතාවේ පිටපත් සහ ග්‍රාම නිලධාරි ගයාන් මාරසිංහ මහතා විසින් රචිත පඬුවස්නුවර චක්‍රාවාලය නොහොත් එක්ටැම්ගෙය හා ඒ ආශ්‍රිත නටඹුන්, පඬුවස්නුවර විහාර ආරාම සංකීර්ණ, පඬුවස්නුවර රජමාළිගය හා පඬුවස්නුවර ගමක වතගොත යන ග්‍රන්ථ පාසල වෙත පරිත්‍යාග කිරීම, සියලුම දරුවන් වෙනුවෙන් පොත් සලකුණක් ප්‍රධානය කිරීම සහ පාසල් ගෙවත්ත සදහා පලතුරු පැල ලබා දීම සිදු කරන ලදී.
පාසැල් සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කල නැටුම් ගැයුම් අංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය.





කාර්යක්ෂම හා ඵලදායී මහජන සේවයක් සැපයීම මූලික අරමුණ කරගනිමින් 2025 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කිරීම පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් අයි.පී.එන්.පී. තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින උදෑසන සිදු කරන ලදි. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ප්‍රතිඥාව ලබා දීම සිදු කරන ලදි. සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, පරිපාලන නිලධාරීතුමිය, ගණකාධිකාරීතුමිය, හා පරිපාලන ග්‍රාම නිලධාරීතුමා ඇතුළු කාර්යාලීය සියලුම නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

77 වන නිදහස් දිනය අභිමානයෙන් සැමරේ.
පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන නිදහස් දින සැමරුම 2025.02.04 වන දින ඇපලදෙණිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී ප්‍රාදේශීය ලේකම් නුවන් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානයෙන් සමරනු ලැබීය. ප්‍රාථමික පාසල් දරුවන් විසින් රුක් රෝපණ වැඩසටහනක් සහ චිත්‍ර ප්‍රදර්ශනයක් ද සංවිධානය කරන ලදී.






“උත්තම රුහිරු පූජා” ලේ දන් දීමේ කඳවුර ප්‍රාදේශිය ලේකම්තුමාගේ මඟපෙන්වීම මත දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමියගේ ප්‍රදානත්වයෙන් පඬුවස්නුවර බටහිර සමෘද්ධි අංශයේ සංවිධානයෙන් මලඟනේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී 2024.10.08 දින සාර්ථකව සිදු කරන ලදී.

















