jkyuyjyuyuy
පොසොන් බැති ගී සැදෑව
පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබන පොසොන් බැති ගී සැදෑව ජුනි 02 වන දින ප.ව 02.00 සිට පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
ඔබ සැමට බැති සිතින් ආරාධනා .......!!
සිප් සවිය පදනම
"ගිලිහෙන්නට නොදී රැකගමු - අනාගතය සවි කරමු"
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන සඳහා ඔබගේ මූල්‍යමය ආධාරයන් ගිණුම් අංක 90276661ලංකා බැංකුව හෙට්ටිපොල ශාඛාව වෙත ද ද්‍රව්‍යමය ආධාරයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ද 2023.04.18 වන දිනට පෙර ලබාදී මෙම මහඟු කාර්යයට අප හා එක්වන්න.
මහා රොටී
පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලබන මහා රොටී දන්සැල පොසොන් පොහෝ දින සවස 02 සිට පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

දිරිය ව්‍යවසායිකාව - වයඹ පළාත
වයඹ පළාත් කාන්තා දින සැමරුම් උළෙලේ දී "වසරේ දිරිය ව්‍යවසායිකාව" ලෙස පඬුවස්නුවර බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හාතාපොල වසමේ "නැගෙනතරු දිරිය වනිතා" කාන්තා සමිතියේ බිම්මල් වගාව තුලින් ජිවිතය ජයගත් රේණුකා මල්කාන්ති දිසානායක මහත්මියට පඬුවස්නුවර බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළුම දෙනාගේ උණුසුම් සුබ පැතුම්
















